Trending News

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා කැදවීම අද සිට

(UTV|කොළඹ)  – පළාත් පාලන ආයතන 248ක් සඳහා නාම යෝජනා කැදවීම අද(18) සිට ආරම්භ වීමට නියමිතය.

මේ නිසා නාම යෝජනා පත්‍ර පිරවීමේදී එහි නිර්වද්‍යතාව පිළිබදව නිසි අවධානයක් යොමු කරන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ.

පළාත් පාලන ආයතන 93ක් සදහා පසුගිය බ්‍රහස්පතින්දා නාම යෝජනා කැඳවීම අවසන් වූ අතර එහිදී පිළිගත් දේශපාලන පක්ෂ 06 ක සහ ස්වාධීන කණ්ඩායම් දෙකක නාමයෝජනා පත්‍ර 13ක් ප්‍රතික්ෂේප වී තිබුණි.

හෙට ආරම්භ වන පළාත් පාලන ආයතන 248ක නාම යෝජනා කැඳවීම ලබන 21 වන දා දහවල් 12ට අවසන්වීමට නියමිතයි.

නාම යෝජනා භාර දෙන සෑම ස්ථානයකටම උපකාරක සේවා සපයා ඇති බැවින් ඒ පිළිබද අවදානය යොමු කොට නාම යෝජනා සකස් කරන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

எந்தேரமுல்லை 02 ஆக மாறும் அக்பார் டவுன்

Mohamed Dilsad

මුකුත් නැති නිධානය

Editor O

“Sports, terrorism cannot go hand in hand” – India tells Pakistan

Mohamed Dilsad

Leave a Comment