Trending News

උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පියවර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

(UTV|කොළඹ) –  උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපකුළපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

පළමුව ඊට ප්‍රමුඛත්වය දිය යුතු බවත් දෙවනුව විශ්වවිද්‍යාල ගොඩනැගිලි ඉදිකිරිම සඳහා යොමුවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට විශ්වවිද්‍යාලවලට පසුගිය කාලය තුළ  ජාත්‍යන්තරයේ හිමි වී තිබූ තත්ත්වය මේ වන විට පහත වැටී ඇති බවයි.

එය නැවත ජාත්‍යන්තරයට ගෙන ඒම උපකුලපතිවරුන්ගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක නවක වදය පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ විශ්වවිද්‍යාල සදහා අලුතින් සේවකයින් බඳවාගෙන හෝ නවකවදය තුරන් කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

வட மாகாண கல்வித்துறையில் குறைகேள் விசாரணைக் குழு

Mohamed Dilsad

Jaideep Ahlawat joins Ishaan, Ananya-starrer as villain

Mohamed Dilsad

තලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment