Trending News

විභාග වංචාවකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වංචා සහගත ලෙස පෙනී සිටි පුද්ගලික අපේක්ෂකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ලුණුගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ලුණුගල මහා විද්‍යාලයේ ශාලා අංක 2 හි පුද්ගලික අපේක්ෂකයන් දෙදෙනෙකු මෙලෙස විභාග අංක මාරු කර අන් අයෙකු ලෙස පෙනී සිටි බවට එහි ශාලාධිපතිවරයා පොලීසියට දැනුම්දීමක් සිදු කර තිබේ.

මෙලෙස  විභාග අංක මාරු කර පෙනී සිට ඇත්තේ වයස අවුරුදු 17 සහ 18 වයස්වල පසුවන ලුණුගල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අ වාර්තාවේ.

පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ හැඳුනුම්පත් සහ විභාග ප්‍රවේශපත්‍ර මාරු කර විභාගයට පෙනී සිටීමේ වරදට ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර අපේක්ෂකයින් දෙදෙනා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

சுற்றுலாத்துறையின் மூலம் 238 கோடி டொலர் வருமானம்

Mohamed Dilsad

රිශාඩ් ගැන චෝදනා නැහැ – අගමැති

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධූරයට ආණ්ඩුවෙන් යෝජනා කිරීමට නියමිත පුද්ගලයා මෙන්න

Editor O

Leave a Comment