ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරනවා -ඇමති මලික්

(UTV|කොළඹ)  – ශ්‍රී ලංකාව ව්‍යවසාකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරන බවත් මිලියනයක් රැකියා ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳාමේ නිරත විය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

ආනයන හා අපනයන (පාලන ) යටතේ නියෝග දෙකක් අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර එහිදී විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

ශ්‍රී ලංකාව ව්‍යවසාකත්වය මත පදනම් වූ ආර්ථිකයක් වෙත ගමන් කරනවා.මිලියනයක් රැකියා ඇතිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ජාත්‍යන්තර වෙළඳාමේ නිරත විය යුතුයි.
දැන් ඉතා හොඳ සහ වෙළඳ තත්ත්වයකට යනවා. අප බදු සහන ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. 208ක් භාණ්ඩ සඳහා බදු අඩු කළා. නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ අලුත් අගයන් එකතු වෙනවා.

අපේ රටේ කර්මාන්ත  අමතක කර නෑ. අපේ රටේ කර්මාන්ත අසාධාරණ වෙළඳ ක්‍රියාදාමයන්ගෙන් බේරාගැනීමට සහන සළසනවා. ලංකාව වෙළඳ ගිවිසුම්වලට ඇතුළත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවට අවශ්‍යයි, ලංකාව ඇතුළත හොඳ නීති සම්පාදනය කිරීමට. නීති තත්ත්වයන් හා ගිවිසුම් නීති ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා. මෙම අංගයන් දෙක
සම්බන්ධයෙන් කෙටුම්පත්වල වැදගත්කම කියන්න කැමැතියි.

අසාධාරණ වෙළඳ තරඟයක දී මෙවැනි කාරණා පාලනය කිරීමට අවශ්‍යයි ලංකාවේ කර්මාන්ත රැකීම සඳහා. මේවා ප්‍රතිකාර්මික කාරණයි. කර්මාන්ත සඳහා ඇතිවන බලපෑම අවම කිරීමට ගන්නා ප්‍රතිකර්ම පමණයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්.

Mohamed Dilsad

විද්‍යාපීඨවල විෂයමාලා නවීකරණය කිරීමට අවධානය

Mohamed Dilsad

දළ පුට්ටුවාගේ දළ යුගළ සහ ගජමුතු කොළඹට ගෙනඒමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment