ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලීසියට උපදෙස්

(උදයම්, කොළඹ)    –  යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර පොලීසියට දැනුම් දී තිබේ

ඒ අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයට ගොස් ආපසු දිවයිනට නොපැමිණි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගැනීමටය.

මෙම බ්‍රිගේඩියර්වරයා සිය සේවා කාලය අවසන්වීමෙන් පසු යළි දිවයිනට නොපැමිණ අමෙරිකාවේ සැඟව සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ඔහු ජයන්ත රත්නායක නැමැත්තෙකි.

2014 වසරේ දෙසැම්බර් මාසයේදි අමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පත් කර ඇත.

ඔහුගේ නිල කාලය 2016 වසරේදී අවසන් ව ඇතත් මෙතෙක් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව හමුදාව පවසයි.

 

මෙම බ්‍රිගේඩියර්වරයා යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු වශයෙන් නම් කර ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවද යුද හමුදාව පවසයි .

Related posts

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීම තවදුරටත් දීර්ඝ කරයි [GAZETTE]

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

Leave a Comment