ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර පොලීසියට උපදෙස්

(උදයම්, කොළඹ)    –  යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගන්නැයි වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර පොලීසියට දැනුම් දී තිබේ

ඒ අමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයට ගොස් ආපසු දිවයිනට නොපැමිණි යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු අත්අඩංගුවට ගැනීමටය.

මෙම බ්‍රිගේඩියර්වරයා සිය සේවා කාලය අවසන්වීමෙන් පසු යළි දිවයිනට නොපැමිණ අමෙරිකාවේ සැඟව සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ ඔහු ජයන්ත රත්නායක නැමැත්තෙකි.

2014 වසරේ දෙසැම්බර් මාසයේදි අමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස පත් කර ඇත.

ඔහුගේ නිල කාලය 2016 වසරේදී අවසන් ව ඇතත් මෙතෙක් ඔහු ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව හමුදාව පවසයි.

 

මෙම බ්‍රිගේඩියර්වරයා යුද හමුදාව හැරගිය පුද්ගලයෙකු වශයෙන් නම් කර ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවද යුද හමුදාව පවසයි .

Related posts

බෙංගමුවේ නාලක හිමියන් ඇතුලු 7දෙනෙකු නිදහස්

Mohamed Dilsad

අපගේ වගකීම මහජනතාවට පක්ෂපතිව කටයුතු කිරීමයි- ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියයි

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment