ක්‍රීඩා

2019 ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයත් මැතිවුස්ට

2019 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වාම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කිරීමට අදහස් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

සත්කාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වූ ටෙස්ට් තරගාවලිය පිළිබඳ දැනුවත් කීරීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා“අපි හැමෝගේම ඉලක්කය 2019 වර්ෂයේ ලෝක කුසලානය දක්වාම මැතිව්ස් නායකත්වයේ තබාගැනීමයි. මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ මෙතැන ඉන්න කට්ටියගෙන් නායකත්වයට සුදුසුම කෙනා ඇන්ජලෝ. නමුත් මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ ඇන්ජලෝට ඒක කියලා එයාගෙ රාජකාරිය හා භූමිකාව කියා දිය යුතුයි” යැයි පවසා සිටියේය.

 

Related posts

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

Mohamed Dilsad

තෙවැනි තරඟය පරාජය වීමෙන් පසු මාලිංග කියූ දේ…

Mohamed Dilsad

නායකත්වයේ වගකිම ලක්මාලට හා කුසල්ට පැවරෙයි.

Mohamed Dilsad

Leave a Comment