ප්‍රමුඛ පුවත 1

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පොලිස් කොමිසමට වාර්තාවක්

(උදයම්,කොළඹ)  –  සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට වාර්තාවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අදාළ වාර්තාව ලබන (06) බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම හමුවේ සාකච්ඡා කිරීමට නියමිත බවත් ,අදාළ සාකච්ඡාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගියදා පැවති සයිටම් විරෝධී පා ගමනක් අතරතුර සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට කඩාවැදී කලහාකාරී ලෙස හැසුරුණු අතර පසුව ඔවුන් ඉන් ඉවත් කිරීම සඳහා පොලීසිය පියවර ගනු ලැබීය.

Related posts

නේවි සම්පත් ලබන 27 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරට .

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

රුපියල් 25000 දඩය යළිත් ක්‍රියාත්මක කිරීමට අවධානය

Mohamed Dilsad

Leave a Comment