ප්‍රමුඛ පුවත 1

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පොලිස් කොමිසමට වාර්තාවක්

(උදයම්,කොළඹ)  –  සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට වාර්තාවක් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අදාළ වාර්තාව ලබන (06) බ්‍රහස්පතින්දා දිනයේදී කොමිසම හමුවේ සාකච්ඡා කිරීමට නියමිත බවත් ,අදාළ සාකච්ඡාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

පසුගියදා පැවති සයිටම් විරෝධී පා ගමනක් අතරතුර සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට කඩාවැදී කලහාකාරී ලෙස හැසුරුණු අතර පසුව ඔවුන් ඉන් ඉවත් කිරීම සඳහා පොලීසිය පියවර ගනු ලැබීය.

Related posts

ආයෝජකයන් සඳහා විශේෂ පහසුකම් රැසක් [VIDEO]

Mohamed Dilsad

ජනපති ජපානයට යාමට සුදානම්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

Leave a Comment