ප්‍රමුඛ පුවත 1

රටේ අනාගත අභියෝගය අප මතයි – ඇමති චන්දිම

(උදයම්,කොළඹ)   –  රටේ අනාගතය සම්බන්ධයෙන් පවතින විශාල ම අභියෝගය ඇත්තේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය මත බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
රට මානව සම්පත දියුණු නොකොට භෞතික සම්පත කොතරම් දියුණු කළත් ඉන් ප්‍ර යෝජනයක් නොමැති බවත් උසස් පෙළ විභාගයෙන් අනතුරුව වසරකට තරුණ තරුණියන් 208000ක් පමණ සමාජගත වූ නමුත් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වන්නේ ඉන් 108000ක පමණ පිරිසක් බවත් පෙන්වාදෙන අමාත්‍යවරයා පෙළපාලි ගොස් රාජ්‍ය අංශයේ රැකියාවකට ඇතුළුවීම වර්තමානයේ රටේ තත්ත්වය පත් ව ඇතැයි ද පෙන්වා දෙයි.
පසුගිය කාලයක් පුරා කුමන හෝ සහතිකයක් ලබාදී තරුණ තරුණියන් සමාජයට මුදාහැරීම ක්‍රමවේදය වූ නමුත් එම ප්‍රශ්නයට විසඳුමක් ඇති වන ආකාරයට තම අමාත්‍යංශය යටතේ ඇති ආයතන මෙහෙයවිය හැකි පිරිසක් අවශ්‍ය වී ඇතැයි එම ආයතන තම අරමුණු සාක්ෂාත් කරගෙන යන්න සිතා බැලිය යුතු යැයිද කීය.
වෘත්තීය පුහුණු පාඨමාලා සම්පූර්ණයෙන් ම නොමිලේ හැදෑරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් ද අදටත් බොහෝ පිරිසක් දැනුවත්වීමක් ලබානැති බවත් පැවසීය.
තම අමාත්‍යංශය නිවැරදි මාවතේ නොව වැරදි මාර්ගයක ගමන් කළ හොත් ඉන් වැරැද්දක් සිදුවන්නේ මේ රටේ ම අනාගතයට බවත් වෘත්තීය අධ්‍යාපනය ලබන සෑම තරුණ තරුණියක් ම රැකියාගත කළ යුතැයි යන අරමුණේ තම අමාත්‍යංශය පසුවන බවත් ජනාධිපතිවරයා තමන් ඇමැතිවරයා ලෙස පත් කළත් තමන් සභාපතිවරයෙකු පත් කළත් එය සිදුකර ගතනොහැකි යැයි ද ඒ සඳහා නිපුණතා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැක්මක් ඇති කණ්ඩායමක් අමාත්‍යංශය යටතේ ඇති ආයතන සඳහා අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර ආනයනයට නියෝග..

Mohamed Dilsad

58වන උදා ගම්මානය ජනතා අයිතියට

Mohamed Dilsad

සිමෙන්ති සදහා උපරිම මිලක් සදහන් කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment