ප්‍රමුඛ පුවත 1

හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත්‍ර සහ සිලින්ඩර ආනයනයට නියෝග..

(UTV| කොළඹ) – හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහළු අක්‍රීය වීම පාලනය කිරීම සදහා හෘද රෝග සැත්කම් සිදු කිරීමට අවශ්‍ය යන්ත්‍ර 17 ක් සහ නයිට්‍රික් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනඑන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා  නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබාදුන්නේය.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ  නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යවරයාව හමුවූ අවස්ථාවේ දීය.

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල ඇතුලු ළමා රෝග ඒකක ඇති රෝහල් 17   මෙම සැත්කම් සිදුකිරීමට නියමිතයි.

දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් හෘද සැත්කම් සිදු කර ගැනීමට සිටින බව විශේෂඥ වෛද්‍යවරුන් අමාත්‍යවරයාට පෙන්වා දෙයි.

මේ වන විට ආනයනය කිරීමට නියෝග කළ යන්ත්‍ර 01 ක් කොළඹ කාසල්වීදියේ කාන්තා රෝහලේ ස්ථාපිත කර  ඇති අතර කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දිනකට දරුවන්ගේ හෘද රෝග සැත්කම් 06 ක් සිදු කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජලභීතිකා රෝගය යළි හිස ඔසවයි

Mohamed Dilsad

තමන්ට ප්‍රතිවාදියාගේ පුරවැසිභාවය ගැන කිසිඳු ගැටළුවක් නැහැ [VIDEO]

Mohamed Dilsad

CID, STF නිලධාරීන් විසින් රාජිතගේ නිවස පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment