Trending News

තැපැල් සේවකයින් වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ(26) මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

නුවරඑළිය , මහනුවර සහ ගාල්ල කොටුව තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

ඊයේ(26) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල කටයුතු මේ වන විටත් අඩාල වී ඇති බව අප වාර්තාකරුවෝ පවසති.
කෙසේවෙතත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීමට රජය එකඟතාව පළ කර තිබියදී මෙලෙස යළි වැඩ වර්ජනයක නිරත වීම අසාධාරණ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.‍

Related posts

சபாநாயகருக்கு எதிராக முறைப்பாடு…

Mohamed Dilsad

President receives warm welcome in Moscow

Mohamed Dilsad

பல்கலைக்கழக பரீட்சைகள் திட்டமிட்டவாறு நடத்தப்படும்

Mohamed Dilsad

Leave a Comment