Trending News

තැපැල් සේවකයින් වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  දිවයින පුරා තැපැල් සේවකයින් ඊයේ(26) මධ්‍යම රාත්‍රී සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

නුවරඑළිය , මහනුවර සහ ගාල්ල කොටුව තැපැල් කාර්යාල ඉවත් කර සංචාරක හෝටල් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

ඊයේ(26) මධ්‍යම රාත්‍රී සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල කටයුතු මේ වන විටත් අඩාල වී ඇති බව අප වාර්තාකරුවෝ පවසති.
කෙසේවෙතත් වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීමට රජය එකඟතාව පළ කර තිබියදී මෙලෙස යළි වැඩ වර්ජනයක නිරත වීම අසාධාරණ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය.‍

Related posts

சுதேசிய வைத்திய கல்லூரி கல்வி நடவடிக்கை எதிர்வரும் 27ஆம் திகதி ஆரம்பம்

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

தேரரை மிரட்டி 100 மில்லியன் ரூபா பணத்தை பெற்ற மூவர் கைது

Mohamed Dilsad

Leave a Comment