ප්‍රමුඛ පුවත 1

වර්ෂාවේ අඩුවක්

(උදයම්,කොළඹ)   –  දිවයිනේ නිරිත දිග කොටසේ පවත්නා වැසිතත්වය හෙට (28) දිනයේ සිට තාවකාලිකව අඩු විය හැකි අපේකෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම අද (27)  දිනය තුළ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සමහර ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුරසහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවද උතුරු-මැදපළාතේත්  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ උතුරු අර්ධයේ සහ මාතලේ, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්  තද සුළං ඇති විය හැකි බවද කාළගුණ අංශ කියයි .

Related posts

කොරියාවේ ශ්‍රී ලංකා තානාපති අගමැති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නෑ – අගමැති

Mohamed Dilsad

පොහොට්ටුවත් සමඟ පක්ෂ 15ක් ගිවිසුමට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment