ප්‍රමුඛ පුවත 1

වර්ෂාවේ අඩුවක්

(උදයම්,කොළඹ)   –  දිවයිනේ නිරිත දිග කොටසේ පවත්නා වැසිතත්වය හෙට (28) දිනයේ සිට තාවකාලිකව අඩු විය හැකි අපේකෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම අද (27)  දිනය තුළ බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සමහර ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුරසහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවද උතුරු-මැදපළාතේත්  වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ උතුරු අර්ධයේ සහ මාතලේ, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක්  තද සුළං ඇති විය හැකි බවද කාළගුණ අංශ කියයි .

Related posts

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද වර්ජනයේ

Mohamed Dilsad

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා යොමු කෙරේ

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධාන කමීටු වාර්තාව අද ජනපතිට..

Mohamed Dilsad

Leave a Comment