ප්‍රමුඛ පුවත 1

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

(උදයම්,කොළඹ)  –  අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරස හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ඉල්ලා අස් කර ගනී.

අද පෙරවරුවේ මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටි බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

තමන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශන අවසන් වනතුරු සහ නීතිපති උපදෙස් ලැබෙනතුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පසුගිය 13 වනදා ඥානසාර හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

Related posts

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

වෛද්‍ය මොහොමඞ් සාෆි අධිකරණයට [VIDEO]

Mohamed Dilsad

මේ වසරට අදාළ කොරියානු විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment