ප්‍රමුඛ පුවත 1

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

(UTV| කොළඹ) – වික්ටෝරියා, කොත්මලේ, ලක්ෂපාන, රාජංගනය අංගමුව තබ්බෝව, කුකුළේ ගඟ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු මේ වනවිටත් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ නිසා එම පහත බිම් වල ජලය හදිසියේ ඉහළ යා හැකි බැවින් මහවැලි ගඟ භාවිත නොකරන ලෙස අපදා අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේම  දිස්ති‍්‍රක්ක 05ක් සඳහා තවදුරටත් නායයාමේ අනතුරු ඇගවීම් වළංගු වන අතර ඊට නුවරඑළිය, මාතලේ, මහනුවර, රත්නපුර සහ බදුල්ල අයත්වේ.

මේ අතර අද දිනය තුළ නැගෙනහිර පළාතේ වැසි වැඩිවීමක් අපේක්ෂා කෙරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශවලද අදත් තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

“කතරගම නගර සංවර්ධන වැඩසටහන”යටතේ සංවර්ධනය කෙරෙන ස්ථාන ඇමැති නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

Leave a Comment