විදෙස්

ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනේ

(උදයම්,ලන්ඩනය)  –  පසුගිය සෙනසුරාදා ලන්ඩන් පාලම මත සහ බොරෝ වෙළඳපොළ අසළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 3 දෙනාගෙන් දෙදෙනෙකු හඳුනා ගනී.

ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය මගින් මෙම සැකකරුවන් හඳුනාගෙන තිබේ.

පාකිස්තානයේ උපත ලැබූ 27 හැවිරිදි ඛරුම් බට් ,ඉන් එක් සැකකරුවෙකු වන අතර මොරොක්කෝ සහ ලිබියානු සම්භවයක් සහිත 30 හැවිරිදි රචිඩ් රෙඩවුන් අනෙක් ත්‍රස්ත සැකකරු ලෙස හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔවුන් දෙදෙනා ඇතුළු ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් තිදෙනාම පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූහ.

 

Related posts

ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකී

Editor O

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය

Mohamed Dilsad

ජපානයේ වැඩිහිටි ජනගහනය ඉහළ ට

Editor O

Leave a Comment