Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

පාප්තුමා තෝරාගන්නා නිලවරණය ගැන කෙටි පැහැදිලි කිරීමක්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය  සිදුකිරීමට වතිකානය මේ වනවිට සූදානම් කරමින් තිබේ. ඒ අනුව පාප්වරණය පැවැත්වෙන වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පාප්වරණයේ සුවිශේෂී භූමිකාවක් උසුලන දුම් කවුළුව සවිකිරීම පසුගියදා සිදුකෙරුණි. දිගුකාලීන සම්ප්‍රදාය ඔස්සේ යමින් පාප්වරණය මෙවරත් පැවැත්වෙන්නේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුර තුළය.

ඊට රැස්වන කාදිනල්වරුන් අතර පැවැත්වෙන ඡන්ද විමසීමකින් නව පාප් වහන්සේ තෝරාගැනීමට නියමිතය. ඡන්දය අවසානයේදී ඔවුන්ගේ ඡන්දය සටහන් කරන කුඩා කඩදාසි කැබලි ගිනි තැබීමට කටයුතු කෙරෙන්නේ, නව පාප් වහන්සේ පත්කරගත්තාද? නැද්ද? යන්න සන්නිවේදනය කිරීම සඳහාය.

සිස්ටීන් දෙව්මැදුරේ දුම් කවුළුවට විශේෂ ස්ථානයක් හිමිවන්නේ මේ අවස්ථාවේදීය. ඡන්ද පත්‍රිකා ගිනි තැබීමෙන් පසුව දුම් කවුළුව තුළින් ගලා එන දුමාරය කළු පැහැ නම් නව පාප් වහන්සේ පත්කරගැනීමට ප්‍රමාණවත් ඡන්ද එක් අපේක්ෂකයෙක් දිනාගෙන නොමැති බව ඉන් අදහස් කෙරෙයි.

යම් හෙයකින් දුම් කවුළුවෙන් නැගෙන දුමාරය සුදු පැහැ වනවා නම් ඉන් අදහස් වන්නේ නව පාප් වහන්සේ තෝරාගත් බවය. මෙය සුබ පණිවුඩයක් බවට සලකන කතෝලිකයින් එම සුබ පණිවුඩය දැකගැනීමට වතිකානයට රැස්වන බවද වාර්තා වෙයි.

Related posts

Akshay Kumar charges more than Rajnikanth for Robot 2.0

Mohamed Dilsad

South Asia Satellite launched with Sri Lanka’s participation

Mohamed Dilsad

SLFP Central committee to convene today

Mohamed Dilsad

Leave a Comment