ප්‍රමුඛ පුවත 1

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

(උදයම්, කොළඹ) – පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය බලා යන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය වාර 28 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව 06දා සිට 10දා දක්වා මෙම දුම්රිය ධාවනය කෙරේ.

මෙම විශේෂ දුම්රියවලට අමතරව 08දා සහ 09දා අනුරාධපුර – මැදවච්චිය, අනුරාධපුර – මහව අතර විශේෂ දුම්රිය ධාවනයට යොදවා ඇත. 08දා සහ 09දා අනුරාධපුරය – මිහින්තලය අතර විශේෂ දුම්රිය 72ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇත. එමෙන් ම දිනපතා ධාවනය වන දුම්රිය සඳහා අමතර මැදිරි එක් කිරීමට ද කටයුතු යොදා ඇත.

කොළඹ කොටුවෙන් විශේෂ දුම්රියයන් 06දා දහවල් 12.00 ට, 07දා අලුයම 3.30 ට, පෙරවරු 8.20 ට, පෙරවරු 10.40 ට, දහවල් 12.45 ට, පස්වරු 6.00 ට හා රාත්‍රි 11.15 ට ද අනුරාධපුරය බලා ධාවනය කෙරේ.

ඊට අමතරව අවිස්සාවේල්ලේ සිට අනුරාධපුරය බලා දුම්රියක් ධාවනය කෙරේ.

08දා විශේෂ දුම්රිය කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා අලුයම 03.30 ට හා පස්වරු 6.10 ට ධාවනය කෙරේ. එදින මහව සිට පෙරවරු 10.40 ට තවත් දුම්රියක් ධාවනය වේ. 09දා මරදානෙන් අලුයම 4.00 ට අනුරාධපුරය බලා දුම්රියක් ගමන් කරයි. 09දා සහ 10දා මහව සිටද විශේෂ දුම්රිය ධාවනයට එක් කර ඇත.

Related posts

විජයකලා ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලිසියෙන් කඳුළුගෑස්..

Mohamed Dilsad

තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment