ප්‍රමුඛ පුවත 1

තජුඩීන් පසුපසින් පැමිණි පුද්ගලයා හදුනා ගැනීමට සුදානම්

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහුගේ වාහනය පසුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයා කවුරුන්ද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විශ්ලේෂණ අංශය වෙත යොමු කිරීමට අධිකරණය අවසර ලබා දෙයි.

ඒ මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.

මෙහිදී නීතිපතිවරයා සඳහන් කළේ පොලිස් අපරාධ කොට්ඨාශය සිද්ධිය පිළිබඳ අඛන්ඩව පරීක්ෂණ සිදුකරන බවයි.

මේ අතර, තාජුඩීන් ඝාතන සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුජිත් චම්පික පෙරේරා පෙබරවාරි මස දෙවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා අධිකරණයට

Mohamed Dilsad

පුජීත් ජයසුන්දරවත් රෝහල් ගත කෙරෙයි

Mohamed Dilsad

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment