ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

(උදයම්,කොළඹ ) – පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

 

පළාත් පාලන සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ඊයේ (17) එම අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබිණි.

 

ඒ අනුව අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාරදීමෙන් අනතුරුව මුද්‍රණ දෝෂ බලා මේ මස 31ට පෙර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

 

මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

 

Related posts

චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානයේ ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් ආරාධනා

Mohamed Dilsad

මිලියන 12 ක හෙරොයින් නුගේගොඩින් අල්ලයි…

Mohamed Dilsad

Leave a Comment