ප්‍රමුඛ පුවත 1

කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක්

(උදයම්,කොළඹ)  – පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

කසළ අංගන අලුත්වැඩියාවන්, ගංවතුර ඇති වූ ප්‍රදේශයන්හි කසළ ඉවත් කිරීම, කෙටි කාලයක් තුළ කොම්පෝස්ට් නිපදවිය හැකි යන්ත්‍ර හඳුන්වාදීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සදහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, පොලිතින්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වන ගැසට් පත්‍රය පළ කිරීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ෆයිසර් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් සම ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

මාලදිවයින් විදේශ ඇමති අග්‍රාමාත්‍යවරයා හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment