ප්‍රමුඛ පුවත 1

වාහන ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවීමකට

 

(UTV | කොළඹ) – කාණ්ඩ කිහිපයකට අයත් වාහනවල ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

කාණ්ඩ අංක 64, 65, 32, ජී ඒ සිට ජී ඉසෙඩ් දක්වා, එච් ඒ සිට එච් ඉසෙඩ් දක්වා කාණ්ඩවලට අයත් සියලු වාහනවල අදාළ එක්දින සේවාවන් මෙලෙස අත්හිටවා ඇති බව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

සියලු මෝටර් කාර් පන්තියට ගැණෙන රථ සහ වෑන් රථ, කැබ්, ජීප් රථ සහ ලොරි රථවල එක්දින සේවා ද තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

මෙම කාණ්ඩවලට අයත් වාහනවල ලිපිගොනු පරීක්ෂා කිරීම හේතුවෙන් මෙලෙස එක්දින සේවාව අත්හිටවූ අතර ලිපිගොනු පරීක්ෂා කිරීම අවසන් වූ වහාම ඉදිරියේදී නැවතත් එක්දින සේවාව ආරම්භ කරන බව කොමසාරිස් ජනරාල් වරයා වැඩිදුරටත් පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු වටරවුම අශ්‍රීතව දැඩි තදබදයක්..

Mohamed Dilsad

Leave a Comment