දේශීයප්‍රමුඛ පුවත 1

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

(UTV | කොළඹ) – දැඩි අවදානම් කලාප ලෙස නම් කළ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට (11) සිට යථා තත්ත්වයට පත් කිරීමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවා හෙට සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

රාජකාරි සඳහා යළි සක්‍රීය වන ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරිම අනිවාර්යය වෙයි.

සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ යුතුව ඇත.

මහජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම තහනම් වන අතර  ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය, රැකියා කටයුතු සඳහා ගමන් කරන අයට පමණක් සීමා කර තිබේ.

කවරෙකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමේ කටයුතු සඳහා පමණක් වන අතර එම සෑම අවස්ථාවකම වෛරස පාලනයට නියම කර ඇති සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.‍

හෙට සිට ජනජිවිතය යථා තත්ත්වයට පත් කිරිමේ වැඩපිළිවෙළ සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් පත්‍රය අද (10) නිකුත් කිරිමට නියමිතය.

 

Related posts

පූජිත් ජයසුන්දර සහ හේමසිරි හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සමග සුළං

Mohamed Dilsad

පෞද්ගලික බස්රථ හිමියන්ට කෝටි 700 කට ආසන්න පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment