දේශීය

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සමග සුළං

(UTV | කොළඹ) – උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇති ගුලාබ් සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 තුල දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීයර 100 ඉක්මවූ තද වැසි සහ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර ප්‍රදේශ වලටත් එලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

Related posts

ජනපති ගමින් ගමට යාම අද ඇරඹේ

Mohamed Dilsad

ගර්භණී කාන්තාවන්ට එන්නත්කරණය ඇරඹේ

Mohamed Dilsad

තවත් නාවිකයෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment