දේශීය

කුවේටයේ සිටින ලේඛණගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම මේ මස ඇරඹේ

(UTV | කොවිඩ් 19) – කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතරින් මව්බිමට පැමිණීමට ලේඛණගතව සිටින පිරිස නැවත ගෙන්වා ගැනීම මැයි මසදී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා සිදුකර එකඟතාවයකට පැමිණ තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කුවේටයේ විදේශ අමාත්‍ය ගරු ෂීක් ආචාර්ය අහමද් නසර් අල්-මොහමඩ් අල්-සබහ් අමතා මෙම සාකච්ඡාවන් සිදුකර ඇත.

එහි රැඳී සිටින අනික් පිරිසට ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමත් සමඟ එලෙසම නැවත මව්බිමට සුරක්ෂිතව පැමිණීමට හැකි බව අමාත්‍යවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් දක්වන සහයෝගයට කුවේට් රජයටත්, එරට විදේශ කටයුතු අමාත්‍යවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් විශේෂ ස්තුතියක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පිරිනමනු ලැබීය.

Related posts

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

Mohamed Dilsad

විදුලිය නිපදවීම ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව

Mohamed Dilsad

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 ක් යොදවයි

Mohamed Dilsad

Leave a Comment