ක්‍රීඩා

ජය නවසීලන්තයට

(උදයම්,නවසීලන්තය)  – චැම්පියන්ස් කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සමඟ පැවැති පුහුණු තරඟය කඩුලු 6කින් ජය ගැනීමට නවසීලන්තය ඊයේ සමත් විය.

බර්මින්හැම් හිදී පැවැති තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 356ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 46යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහී සීමාව පසු කර ගියේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදිය.

නවසීලන්තය ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගිය Guptill ගේ සුපිරි ඉනිම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් ඇතුල් වුණි.

ඊයේ තරඟයේ ශ්‍රී ලංකාව ඉනිම වෙනුවෙන් නායක උපුල් තරංගද සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 110ක් රැස් කළේ හතරේ පහර 13 ක් සහ හයේ පහර 3 ක් සමඟිනි.

කෙසේ වෙතත් ගප්ටිල්ගේ ලකුණු 116 ක ප්‍රබල ප්‍රහාරය හමුවේ පිටියේ අනෙක් අන්තයෙන් ස්ථාවර වූ විලියම්සන් විසින් හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමඟ ලකුණු 88 ක් රැස්කරගෙන තරඟයේ ජය නවසීලන්තයට හිමි විය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තරඟයෙන් ධර්මදාස පරදා සිල්වා ඉදිරියට

Mohamed Dilsad

අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

සූර්යකුමාර් එක්දින සංචිතයටත් නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment