Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අමු ඉඟුරු මිල අහසට

දේශීය වෙළෙඳපොළේ අමු ඉඟුරු කිලෝවක මිල යළිත් වරක් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මීට පෙර රුපියල් 500ක්ව පැවති අමු ඉඟුරු කිලෝවක මිල අද වන විට රුපියල් 2,000 දක්වා සිව් ගුණයකින් ඉහළ ගොස් ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට අමු ඉඟුරු වගාවන්ට සිදුවී ඇති දැඩි හානිය මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ. අස්වැන්න අඩුවීම නිසා වෙළෙඳපොළට ලැබෙන ඉඟුරු ප්‍රමාණය සීමා වීම මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇත.

Related posts

Navy apprehends 5 persons engaged in illegal fishing

Mohamed Dilsad

Morocco food stampede kills 15

Mohamed Dilsad

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment