මහව සමුපකාර සංගමයේ ඡන්ද විමසීම සංවිධානය කිරීමට සහභාගී වූ මහව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පහරකෑමකට ලක්ව රෝහල්ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
නාගොල්ලාගම ග්‍රාමීය බැංකු පරිශ්‍රයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය අසළදී මෙම ගැටුම හටගෙන ඇත. ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති සුමේධ හේරත් එහිදී ප්‍රහාරයට ලක්ව තිබේ.
මධ්‍යස්ථානය අසළදී ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඇති වූ උණුසුම් වාද පාලනය කරගත නොහැකි මට්ටමට වර්ධනය වී ඇත. එහිදී දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන මහව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සභාපතිවරයා මේ වන විට මහව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්..
මහව සහ නාගොල්ලාගම පොලිස් ස්ථාන ඒකාබද්ධව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
