Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති රාජිත ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන, සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජූලි 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (30) නියෝග කළේය.

එහිදී අල්ලස් කොමිෂමේ නිලධාරීන් කරුණු දක්වමින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, පැමිණිල්ල ජූලි 10 නැවත කැඳවීමට දින නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග ක‍ළේය.

Related posts

ஊடக உரிமைகள் மற்றும் நியமங்கள் தொடர்பான சட்டமூலத்தை வகுக்க அமைச்சரவைக்குழு

Mohamed Dilsad

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර 4050ක් වේ

Mohamed Dilsad

Winds and showers likely to continue

Mohamed Dilsad

Leave a Comment