Trending Newsඑසැන පුවත්දේශීය

දයාසිරිට එරෙහිව පැමිණිල්ලක්…!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, ඔහුට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙස එම පක්ෂයේ විධායක සභික එච්.එම්.පී. හේරත් මහතා පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් හේරත් මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ, මධ්‍යම කාරක සභාවේ කිසිදු අනුමැතියකින් තොරව පක්ෂ අරමුදල් වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සඳහා යෙදවීම.

මහලේකම් ධුරයෙන් ඉවත් කර සිටි වකවානුවක සහ පක්ෂයේ කටයුතු අක්‍රීය මට්ටමක පැවති පසුබිමක, 2024 මහමැතිවරණය වෙනුවෙන් පක්ෂයේ පොදු අනුමැතියකින් තොරව මහලේකම්වරයා ලෙස පෙනී සිටිමින් විවිධ ගිවිසුම්වලට අත්සන් තැබීම.

හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දයාසිරි ජයසේකර මහතා වෙත මීට පෙර ලබා දී ඇති චෝදනා පත්‍රයට අනුව, ඔහුට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා දඬුවම් පමුණුවන ලෙස ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

පක්ෂයේ අභ්‍යන්තර විනය සහ මූල්‍ය විනිවිදභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම පියවර ගැනීම අත්‍යවශ්‍ය බව විධායක සභික එච්.එම්.පී. හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ව්‍යාජ ඔරලෝසු තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

கல்வி பொது தராதர சாதாரண தரப்பரீட்சை பெறுபேறுகள்

Mohamed Dilsad

ஸ்ரீ ஜயவர்தனபுர பல்கலைக்கழக முகாமைத்துவ பீடத்துக்குப் பூட்டு

Mohamed Dilsad

Leave a Comment