Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?

නිදහස් සෞඛ්‍ය පද්ධතිය සුරැකීමටත්, වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමටත් ජනාධිපතිවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. 

මෙම ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වන්නේ නම්, දැනට ක්‍රියාත්මක විරෝධතා මාලාව අඛණ්ඩ වෘත්තීය අරගලයක් දක්වා දැඩි කරන බව එම සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම හේතුවෙන් රජයට බලපෑම් කිරීමේ අරමුණින් පසුගිය දෙදින තුළ දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කළ බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික සහ වගකීම් විරහිත ප්‍රතිපත්තිය මත වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම මෙම අර්බුදයට මුලික හේතුව වී තිබේ.

පසුගිය දින දෙකේදී රෝහල් සේවා බිඳවැටීමෙන් මහජනතාව පත්වූ පීඩාවේ පූර්ණ වගකීම රජය සහ අදාළ අමාත්‍යවරයා භාරගත යුතු බව සංගමය පෙන්වා දෙයි.

පවතින ගැටලු විසඳීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම්, ඉදිරියේදී එල්ල වන දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ රජය දැඩි අසීරුතාවයට පත්වනු ඇති බව ද වෛද්‍ය

Related posts

වන්දනාවේ යමින් සිටි තිරික්කල පෙළට බස් රථයක් කඩාවදී

Mohamed Dilsad

එන්නත්කරණ කාඩ්පත ගැන අධ්‍යයනයක්

Mohamed Dilsad

අනුලාගේ දේහය හඳුනාගනී

Mohamed Dilsad

Leave a Comment