දේශීය

එන්නත්කරණ කාඩ්පත ගැන අධ්‍යයනයක්

(UTV | කොළඹ) – පොදු ස්ථානවලට පිවිසීමේදී කොරෝනා එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

මේ අතර, කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් ප්‍රකාශ කළා.

ඊයේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ පැවති හමුවකදී ඔහු සඳහන් කර ඇත්තේ, එම පියවර ගනු ලැබුවේ වසංගතයෙන් තමන් ආරක්ෂා වන අතරම, අනෙක් පුද්ගලයින්ටද එය පැතිරීම වළක්වා ගැනීමේ අරමුණින් බවයි.

බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබාදීම ආරම්භ කිරීම ඉතා සාධනීය පියවරක් බවත්, එය ඉදිරියේදී අනෙකුත් කණ්ඩායම්වලටද ලබාදෙන්නේ නම් වඩා වැදගත් වනු ඇති බවත් එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙම හමුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, යුරෝපා රටවල් ක්‍රියාත්මක කරන පොදු ස්ථානයන් හි එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ වැඩපිලිවෙළ මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරතවන බවයි.

Related posts

අඩු මිලට කුළු බඩු ගන්න පුළුවන් අවස්ථාවක්

Mohamed Dilsad

කෝවිඩ්-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා පාකිස්ථානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සපයයි [VIDEO]

Mohamed Dilsad

අද උදෑසන 11 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment