Trending Newsඑසැන පුවත්දේශීය

රටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනය ඇරඹේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට සහ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පවතින දැඩි අර්බුදයන්ට විසඳුම් ලබා නොදීමට එරෙහිව දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි දින දෙකක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගැටලු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පරිපාලනමය ගැටලු විසඳීමට සෞඛ්‍ය බලධාරීන් එකඟ වුවද, එම එකඟතා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම මත අද පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි දින දෙකක් පුරා වර්ජනය පැවැත්වේ.

මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල් රැසක සේවාවන් මෙයින් අඩාල වනු ඇති අතර රෝගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම වෙනුවෙන් විශේෂ රෝහල් කිහිපයක් මෙම වැඩවර්ජනයෙන් නිදහස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. 

සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම දැඩි තීරණය ගැනීමට සිදු වූ බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

Thailand legislature legalises medical marijuana and kratom

Mohamed Dilsad

“Measures to lift social media ban soon, but will introduce conditions” – President

Mohamed Dilsad

டெல்லி கேப்பிட்டல்ஸ் அணியை எதிர் கொண்டு ஐதராபாத் வெற்றி !

Mohamed Dilsad

Leave a Comment