Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයක් යුරෝපා නායකයින් හෙළා දකී

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන මිත්‍ර පාක්ෂික රටවල් 8කට නව තීරු බදු පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති තීරණය යුරෝපා නායකයින් හෙළා දැක තිබේ.

එක්සත් රාජධානියේ අගමැති කීර් ස්ටාර්මර් සඳහන් කර ඇත්තේ මෙම පියවර සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවය. 

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් එය පිළිගත නොහැකි තීරණයක් බවත් පවසා ඇති අතර යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පවසා ඇත්තේ යුරෝපා සංගමය සැමවිටම ජාත්‍යන්තර නීතිය ආරක්ෂා කිරීමේදී ඉතා ස්ථීරව සිටින බවත්ය.

එමෙන්ම ස්වීඩනය, ඇතුළු අනෙකුත් රටවල්ද අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය දැඩි ලෙස හෙළා දැක තිබේ.

ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ඈඳා ගැනීමට එරෙහි වූ යුරෝපා රටවල් වන ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක අමතර තීරු බද්දක් එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට බලාත්මක වෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇති අතර එය ජුනි මාසයේදී 25%ක් දක්වා ඉහළ යා හැකි බවත් ට්‍රම්ප් නිවේදනය කළේය.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව ඊයේ ග්‍රීන්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ දැවැන්ත විරෝධතාද පැවැත්විණි.

ග්‍රීන්ලන්තය ජනාකීර්ණ නොවන නමුත් සම්පත්වලින් පොහොසත් වන අතර උතුරු අමෙරිකාව සහ ආක්ටික් අතර එහි පිහිටීම මිසයිල ප්‍රහාරවලදී පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හරහා සහ කලාපයේ යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා සුදුසු ස්ථානයකි.

ඒ හේතුවෙන් ට්‍රම්ප් පවසා තිබුණේ පහසු ආකාරයෙන් හෝ දුෂ්කර ආකාරයෙන් ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ලැබෙනු ඇති බවය.

Related posts

12 දෙනෙක්ව ඝාතනය කළ ඉන්දුනීසියානු කට්ටඩියා

Mohamed Dilsad

Dravid wants Chahal to play more red-ball cricket to gain experience

Mohamed Dilsad

රාජ්‍ය ඇමති කබ්රාල්ගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහ ලේකම්ට

Mohamed Dilsad

Leave a Comment