Trending Newsඑසැන පුවත්දේශීය

නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නන්න්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුර ව සිටි, ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වන විට ඒ මහතා 63 වියේ පසුවිය.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් විය.

එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය.

ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද පත්විය.

කෙසේ නමුත්, නන්දන ගුණතිලක මහතා පසුගිය කාලයේ දේශපාලන කේෂ්ත්‍රයේ පුවත් මවන්නෙක් විය. ජනතා විමුක්ති පෙරමුණේ සමාජයට එළිදරව් නොවූ අභ්‍යන්තර සිදුවීම පිළිබඳ සමාජය දැනුවත් කිරීමට එතුමා කටයුතු කළ අතර, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීකයන්ගෙන් එතුමාට දැඩි විවේචන එල්ල වූූූහ…

Related posts

Train collides with school bus at railway crossing in France

Mohamed Dilsad

போட்டியின் திருப்புமுனை, தந்தை குறித்து தனஞ்சய கருத்து…

Mohamed Dilsad

Priyanka Chopra will appear on an upcoming “Live With Kelly”

Mohamed Dilsad

Leave a Comment