Trending Newsඑසැන පුවත්දේශීය

ලංවිම සේවක වන්දි ගෙවන්න කෝටි 15,000ක් අවශ්‍යයි | බැංකු ණයක් ගන්න විදුලි බල මණ්ඩලයේ සූදානමක්…!!

ලංකා විදුලිබල මණ්ඩලය මෙම මාසය අවසානයේදී අහෝසි කිරීමට නියමිතව ඇති අතර , එහි සේවකයන් 2,158 දෙනෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට කටයුතු යොදා ඇත. 

එම පිරිසට වන්දි ගෙවීමට අවශ්‍ය රුපියල් කෝටි 15,000ක මුදල වසර පහකින් පියවීමේ පදනම මත බැංකු ණයක් ලෙස ලබා ගැනීමට මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ. .

අදාළ බැංකු ණය, පළමු කාර්තුවට හිමි රුපියල් කෝටි 87ක වාරිකය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ නැංවීමට මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබුණි.

ලංවිම විසින් සියයට 11.57ක සාමාන්‍ය ගාස්තු වැඩි කිරීමක් යෝජනා කළ ද, ඇතැම් ගාස්තු කාණ්ඩ යටතේ පවතින මිල මෙන් විසි ගුණයක පමණ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කර තිබූ බව වාර්තා වේ.

මෙම අසමතුලිත ගාස්තු ගණනය කිරීම් හේතුවෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත. 

මෙලෙස ගාස්තු වැඩිකිරීමට අවසර නොලැබීම නිසා ණය වාරික ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

මණ්ඩලය අහෝසි කිරීමෙන් අනතුරුව, මින් ඉදිරියට විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සෑම මාස හයකට වරක් සිදු කිරීමට ද යෝජනා වී ඇත.

Related posts

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

Editor O

5000 ரூபா நாணயத்தாள் ரத்து?

Mohamed Dilsad

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

Mohamed Dilsad

Leave a Comment