Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවට , ඉලංගෙයි තමිල්අරසු පක්ෂයෙන් දැඩි විරෝධයක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට සිය විරෝධය පළ කරන බව ඉලංගෙයි තමිල්අරසු පක්ෂය ප්‍රකාශ කරයි. .

එහි මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් පෙන්වා දෙන්නේ, මෙය පක්ෂයක් මූලික කරගෙන සිදු කෙරෙන ක්‍රමවේදයක් බවය. එය රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව ක්‍රියාත්මක කෙරෙන බවත් එය වැරදි පූර්වාදර්ශයක් බවත්  ඔහු පෙන්වා දෙයි. 

ජනතා ඡන්දයෙන් තේරී පත් වූ පළාත් පාලන නියෝජිතයින් විසින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු ප්‍රජා ශක්ති වැඩසටහන තුළින් සිදු කරමින් එම ආයතනවල කටයුතුවලට බාධා කරන බව ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය. 

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්  ඊට එරෙහිව ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

Two arrested in Mirigama over a ransom demand

Mohamed Dilsad

Ten FR petitions filed against death penalty

Mohamed Dilsad

UPDATE-கோத்தபாய ராஜபக்ஷ வெளிநாடு செல்ல விதிக்கப்பட்ட தடை நீக்கம்

Mohamed Dilsad

Leave a Comment