Trending Newsඑසැන පුවත්දේශීය

ලෝකයේ එකම ඇමතිවරයෙක් සිටින කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේදී රැස්වෙයි : කැබිනට්ටුවේ එකම ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශකගේ රාජකාරියත් කරයි

අනුර දිසානායක මහතා මෙරට ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව පවත්වනු ලබන පළමු කැබිනට් රැස්වීම ඊයේ (30) සන්ධ්‍යාවේ රැස්වී තිබේ.

ජනාධිපති, අගමැති සහ තවත් එක් ඇමතිවරයෙකුගෙන් සමන්විත එය ලොව කුඩාම කැබිනට් මණ්ඩල රැස්වීම ලෙස ඉතිහාස ගතවනු ඇතැයි දේශපාලන විචාරකයන් සඳහන් කරති.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණ පිළිබඳව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (01) පෙරවරුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කරනු ඇත. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන්නේ එම කැබිනට් මණ්ඩලයේ සිටින එකම අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතාය.

Related posts

Unidentified dead body found in Kelani River

Mohamed Dilsad

Dead body of a female doctor found from her quarter

Mohamed Dilsad

නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment