යාපනය, තාවඩි ප්‍රදේශයේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයට ඊයේ (13) රාත්‍රි 11.50ට පමණ , කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතාගේ නිවස සහ පක්ෂ කාර්යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ල ට ගින්නෙන් සැලකිය යුතු හානි සිදුව ඇතැයි පොලීසිය කියයි.
පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ගොඩනැඟිල්ලේ දොරටුව අසලට පෙට්‍රල් වත්කර ගිනි තබන අයුරු CCTV කැමරාවේ ද සටහන්ව ඇති අතර, මුලික තොරතුරුවලින් ද ඒ බව අනාවරණය වී තිබේ.
ගිනිගැනීමෙන් ගොඩනැඟිල්ලේ කොටසකට හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යාපනය පොලීසිය විසින් සිදුකරනු ලබයි.
