Trending Newsඑසැන පුවත්දේශීය

ජීවිතයට තර්ජන එල්ලවී ඇතැයි මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් කථානායකට පැමිණිල්ලක්

තමන්ගේ ජීවිතයට තර්ජන එල්ලවී ඇතැයි, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. තමාගේ ආරක්ෂාව වහාම දැඩි කිරීමට පියවර ගන්නා ලෙස ඒ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලා සිටියේය.

තමන්ට එල්ල වී ඇති මෙම මරණ තර්ජන හුදු සැකයක් පමණක් නොව, එය බරපතළ තත්ත්වයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී ද තහවුරු වී ඇති බවද මන්ත්‍රීවරයා මෙහිදී සභාවට පෙන්වා දුන්නේය.

තමාගේ ජීවිතයට පවතින මෙම අවදානම සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ මහජන නියෝජිතයෙකු ලෙස සිය රාජකාරි ඉටුකිරීමට මෙම තර්ජන බාධාවක් වී ඇති බවයි.

මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කළ කථානායකවරයා මෙය බරපතළ කරුණක් ලෙස සලකා වහාම ඒ පිළිබඳව සොයා බලන බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු අත්‍යවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ වෙත වහාම උපදෙස් ලබාදෙන බවට ද කථානායකවරයා මෙහිදී සහතික විය.

Related posts

කොහුවල ආසිරි මාවතේ පිළිස්සී ගිය මෝටර් රථයක පිරිමි මළ සිරුරක්

Mohamed Dilsad

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Mohamed Dilsad

“Will support candidate who is good for country” – Min. Rishad Bathiudeen

Mohamed Dilsad

Leave a Comment