දේශීය

කොහුවල ආසිරි මාවතේ පිළිස්සී ගිය මෝටර් රථයක පිරිමි මළ සිරුරක්

(UTV | කොළඹ) – කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.   

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ එම මළ සිරුර සොයාගත් බවය.

අදාළ මෝටර් රථය සම්පූර්ණයෙන් පිළිස්සී ඇති බවත් මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී තිබූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

රාත්‍රී ආහාර ගැනීමට යම් ස්ථානයකට ගොස් ඉන් අනතුරුව එම මෝටර් රථයෙන් ගමන් කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.

 

 

Related posts

රත්නපුරේ ප්‍රදේශ කීපයකට නායයෑමේ රතු නිවේදන

Mohamed Dilsad

වෑන් රථයක ගැටී පියෙක් සහ දියණියක් මරුට

Mohamed Dilsad

දුම්රිය ගමන් වාර 400 ක් ධාවනයට එක්කිරීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment