දේශීය

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

(UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය විසින් විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න පෙබරවාරි 7 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ඔහුට අද (24) දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කළේය.

පසුගියදා හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාළ පැමිණිලි අධිකරණය හමුවේ ගොනුකර තිබිණි.

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ශානි අබේසේකර නඩුවේ 4 වන සැකකරු අධිකරණයට

Mohamed Dilsad

රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment