Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

වෙනිසියුලාවේ ගැටළුව සාමකාමීව විසඳාගන්න.. – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සැර නිවේදනයක්

වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳාගැනීම සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව වැනි ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාව අවධාරණය කරන බවද එහි සඳහන්.

වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහ කලාපයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබා දෙන අතර, තත්ත්වය උත්සන්න වීම අවම කිරීම සහ සංවාදය තුළින් සාමකාමී විසඳුමකට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිනවා.

මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ස්වෛරී අයිතිවාසිකම් සැලකිල්ලට ගනිමින්, සාමකාමී විසඳුමක් ළඟා කරගැනීම උදෙසා කටයුතු කිරීම වැදගත් වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්.

Related posts

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

 187 route Private buses on strike

Mohamed Dilsad

විදේශිකයෙකු ධාවනය කළ යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment