දේශීය

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

(UTV| අනුරාධපුර) – උතුරු සහ උතුරු මැද පළාත්වල ස්ථාන රැසක ඊයේ (08) රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත්කර ඇත.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අනුරාධපුර නව ග්‍රිඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රී 7.00 ට පමණ සමස්ත උතුරු පළාතේ විදුලි සැපයුම ඇණහිටීමකට ලක්වූ බවයි.

මීට අමතරව වාලච්චේන, හබරණ, පොළොන්නරුව සහ වව්නියාව යන ග්‍රිඩ් උපපොළවලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වල ද විදුලිය ඇණහිට තිබුණි.

මේ හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද විදුලි සැපයුම අඩාලවී තිබූ බව සඳහන්.

 

 

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Mohamed Dilsad

සැප්තැම්බර් පළමු සතියේ අන්තර්කාලීන අය-වැය

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ බොරු කීම වැළැක්වීමට නාමල් රාජපක්ෂගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

Editor O

Leave a Comment