දේශීය

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

(UTV| අනුරාධපුර) – උතුරු සහ උතුරු මැද පළාත්වල ස්ථාන රැසක ඊයේ (08) රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට පත්කර ඇත.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අනුරාධපුර නව ග්‍රිඩ් උපපොළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ රාත්‍රී 7.00 ට පමණ සමස්ත උතුරු පළාතේ විදුලි සැපයුම ඇණහිටීමකට ලක්වූ බවයි.

මීට අමතරව වාලච්චේන, හබරණ, පොළොන්නරුව සහ වව්නියාව යන ග්‍රිඩ් උපපොළවලින් විදුලිය බෙදා හරින ප්‍රදේශ වල ද විදුලිය ඇණහිට තිබුණි.

මේ හේතුවෙන් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ද විදුලි සැපයුම අඩාලවී තිබූ බව සඳහන්.

 

 

Related posts

නවක මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

සෙන්සා සොලුයුෂන් සමාගමට, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන⁣ දෙකක්

Editor O

රාජිත සහ ෆොන්සේකා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment