පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් ඊයේ (05) පැවැත්වින. සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ලංකාවට සිදු වූ විශාල හානිය පිළිබඳවත්, එම අවස්ථාවේදී ඉන්දීය රජය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මැතිතුමාත්, ඉන්දීය ජනතාවත්, ලංකාවට ලබා දුන් ඉමහත් සේවය වෙනුවෙන්, දොස්තර කවින්ද ජයවර්ධන මහතා ස්තුතිය පළ කළේය.
ඉන්දීය රජය විසින් ලංකාවට ලබා දුන් සෑම සහයෝගයකටම ස්තුතිය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කවින්ද ජයවර්ධන මහතා විසින් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමන් වෙත යොමු කිරීම සඳහා, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමා හට ලිපියක් බාර දුන්නේය.
රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
