Trending Newsඑසැන පුවත්දේශීය

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී  පසුගිය ජනවාරි මාසයේ සිදුවූ ද්වී පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය ජනවාරි 16  වනදායි.

මන්නාරම පොලිසිය මේ පිළිබඳ විමර්ශන සිදුකළා.

ඒ අනුව ලද තොරතුරක් මත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් 22 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන්නන්.

තලෙයි මන්නාරම මාර්ගයේ ලැගුම්හලක් තුළ සැඟව සිට අපරාධය සැලසුම් කළ  ප්‍රධාන සැකකරු ජීව අත්බෝම්බයක් සමග හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මුරුන්කන් පොලිසියට භාර දී තිබෙනවා.

Related posts

එම්.සී.සී. ගිවිසුමේ කමිටු වාර්තාව සිව් මසකින්

Mohamed Dilsad

රාජකාරියට බාධා කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

பாகிஸ்தான் விமான விபத்தில் 17 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

Leave a Comment