Trending Newsඑසැන පුවත්දේශීය

මත්තලින් යන ගුවන් මගීන්ට අද සිට විශේෂ සහනයක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද ඉවත් කර තිබේ. ඒ ඊට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින්ය.

ඒ අනුව අද (29) සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අයකෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද අය නොකෙරනු ඇත.

චක්‍රලේකයේ දැක්වෙන්නේ ලබන වසරේ ජුනි 26 වැනිදා දක්වා එය ක්‍රියාත්මක බවය.

මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇත.

Related posts

ஸ்ரீ. பொ.முன்னணி – இ. தொ.காங்கிரஸ் இடையே புரிந்துணர்வு உடன்படிக்கை கைச்சாத்து

Mohamed Dilsad

TNA backs No-Confidence Motion against Premier Rajapaksa

Mohamed Dilsad

බහාලුම් 323 නිදහස් කිරීමේ සිද්ධිය ගැන මුජිබර් රහුමාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment