Trending Newsඑසැන පුවත්දේශීය

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලට ඉන්න මාලිමා මන්ත්‍රීන්ට සැප මදි වෙයි | AC ඉල්ලයි

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස හැකි ඉක්මනින් වායු සමීකරණය කර දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් මෑතකදී ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් දැඩි මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මේ වසරේ කටයුතු කිරීම අපහසු බවත් ලබන වසරේදී ඒ ගැන සලකා බලන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 112ක් පමණ පවතී. එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන්ගෙන් 70කට වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ අය වෙති.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව මන්ත්‍රී නිල නිවාස ටයිල් කිරීම සහ ජනෙල් රෙදි සවිකිරීම මේ දිනවල කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය ආණ්ඩුව පැවති සමයේදී සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල සිය පෞද්ගලික වියදමින් වායු සමීකරණ යන්ත්‍ර සවි කරගෙන සිටි බව වාර්තාවේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

வடகொரியா மீண்டும் ஏவுகணை பரிசோதனை

Mohamed Dilsad

Four family members killed in three-wheeler – lorry accident

Mohamed Dilsad

Leave a Comment