Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ඉල්ලුම අඩුවෙයි…!

දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ඇතිවූ ආපදා හේතුවෙන් බොහෝ දෙනකුගේ ආර්ථික මට්ටම් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් ඇණවුම් කරන ලද වාහන ඔවුන්ට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (Ceylon Automobile Importers Association) සභාපති ප්‍රසාද් මානගේ මහතා කියා සිටී.

මෙරටට ගෙන්වන සෑම වාහනයකටම ආනයනය කර මාස තුනක් ඉක්ම ගිය පසුව සියයට තුනක (3%) දඬුවම් මුදලක් (Penalty) අය කෙරෙන බවත් ආපදා තත්ත්වයෙන් තමන්ට ඇතිවූ ගැටලු නිසා එම කාල සීමාවේදි බොහෝ දෙනකුට තමා විසින් ඇණවුම් කරන ලද වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇතැයිද ඔහු කීවේය.

එම නිසා මෙම සියයට තුනක (3%) මුදල අය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේ ය.

එමෙන්ම මේ වන විට වාහන ලීසිං පොලී අනුපාතද සියයට දාහතරක් – පහළොවක් (14% -15%) දක්වා ඉහළ ගොස් ඇති බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන එන්ජින් ධාරිතාව දහසට (1000cc) වඩා අඩු වැගන් ආර්, ඇල්ටෝ, යාරිස් සහ හස්ට්ලර් වැනි වාහන සඳහා අයකරන බදු අඩුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

වැගන්ආර් රථයකට රුපියල් ලක්ෂ 40 ක්, ඇල්ටො රථයකට රුපියල් ලක්ෂ 35 ක් 36 ක්, යාරීස් රථයකට රුපියල් ලක්ෂ 44 ක් – 45ක් පමණ බදු අය කරන බවද මෙය ජපානයේ වෙන්දේසියෙන් වාහන ලබා ගන්නා මිල මෙන් දෙගුණයකට සමාන වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

(අරුණ)

Related posts

Lanka to host 2nd South Asian Veterans TT Championships

Mohamed Dilsad

20 நிமிடம் அந்தரத்தில் தொங்கியபடி உயிருக்கு போராடிய 5 வயது சிறுவன்

Mohamed Dilsad

විශ්වවිද්‍යාල සිසුන්ට හා කථිකාචාර්යවරුන්ටත් කොරෝනා එන්නත

Mohamed Dilsad

Leave a Comment