Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවේ ඇමතිවරු 06 දෙනෙකුට එරෙහිව අල්ලස් දැල…! | වත්කම් උපයාගත් ආකාරය ගැන විමර්ශන

වත්මන් රජයේ ඇමැතිවරුන් 06 දෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අයථා වත්කම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, කැබිනට් ඇමැතිවරුන් පස්දෙනකුට සහ එක් නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිව වත්කම් සොයාගත් ආකාරය සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදු කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කර තිබේ.

කැබිනට් ඇමැතිවරුන් වන, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ, කුමාර ජයකොඩි, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ට සහ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතාට එරෙහිව මෙම විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරන බවද එහි දැක්වේ.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ජාමුනි කමන්ත තුෂාර මහතාට අනිද්දා (30) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද දන්වා ඇතැයි පැවසේ.

(දිවයින ඉරිදා)

Related posts

බිත්තර මිල යළි ත් වෙනස් වෙයි

Mohamed Dilsad

ආපදාවෙන් මියගිය ගණන 627 දක්වා ඉහළට

Editor O

ரயில்வே ஊழியர்கள் இன்றும் பணிப்புறக்கணிப்பில்

Mohamed Dilsad

Leave a Comment