Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රිනියගේ, විදුහල්පති සැමියා කළ පහරදීමකින් සිසුවෙක් අසාධ්‍ය තත්ත්වයෙන් හම්බන්තොට රෝහලේ | සිද්ධිය වී දින 08ක් | පොලීසිය නිහඬයි..|

සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ පාසල් සිසුවෙකු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ සිසුවාගේ දෙමාපියන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කර දින කිහිපයක් ගතවුණද, ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක බවද සඳහන්.

දහසය හැවිරිදි පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ සම්බන්ධව පැමිණිල්ලක් කළ බව දරුවාගේ මව්පියන් සඳහන් කළහ.

දරුවෙකු වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළ දඬුවම් ලබා දිය යුතු වුවද මෙලෙස අමානුෂික ලෙස පහරදීම අනුමත කළ නොහැකි බව එම දරුවාගේ මව සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් තමන් මානව හිමිකම් කොමිසමට සහ ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ළමයාගේ මව ප්‍රකාශ කළාය.

Related posts

துபாயில் கைதான மாத்தறை ‘ஜங்கா’ வீட்டில் இருந்து துப்பாக்கி ரவைகள் 23 மீட்பு

Mohamed Dilsad

“Demonstration of joys of humanity” – President in his message marking Milad-un-Nabi

Mohamed Dilsad

Drug kingpin Mohamed Siddique released on bail

Mohamed Dilsad

Leave a Comment